අතුරුදහන්වු කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදහන්වු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

දින 05ක් පුරා කැළණිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදු කල සෝදිසි මෙහෙයුම්වලින් පසු අද(21) උදෑසන මෙම මල සිරුර හමුව ඇත. බරපතල කැපුම් තුවාල කිහිපයක් ද මෘත ශරීරයේ දක්නට ලැබෙන බව පොලිසිය සදහන් කරයි.

මේ අතර පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකුද අත්අඩංගුට ගෙන ඇත.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 37හැවිරිදි කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකි. ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.

පසුගිය 16වනදා සිට මෙම පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *