කොරෝනා වෛරස් මරණ 2244 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද (21) වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ගතවූ පැය 24 තුළදී මරණ 115ක් අලුතින් වාර්තා වී තිබේ.

එසේම ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවයි.

චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තාවූ මරණ 115ත් සමග අදාළ වෛසරයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළගොස් තිබේ.

එම පළාතෙන් නව ආසාදිතයන් 411දෙනෙක් හමුවී තිබෙන්නේ ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන හැත්තෑහය දහස් එකසීය දක්වා ඉහළ දමමින්ය.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල සදහන් වේ.

මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *