ඕමන්ත රිය අනතුරකින් 05ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඕමන්ත පොලිස් වසමේ මහනුවර – යාපනය මාර්ගයේ පනික්කර්නිරාවි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05දෙනෙකු මිය ගොස් ඇත.

ඊයේ(23) රාත්‍රී 7.30ට පමණ යාපනය දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මහජන සබදතා කොට්ඨාසය සදහන් කරයි. 

අනතුරින් පුද්ගලයින් 21දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේ දී 04දෙනෙකු මිය ගොස් ඇත.

වෑන් රථයේ රියදුරු හිරවී සිට ඇති අතර තුවාලකරුවන් ගැනීමට උත්සාහ කිරීමේ දී බස් රථයට සහ වෑන් රථයකට ගිනි ගෙන තිබේ. එහිදී වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයා පිළිස්සී මියගොස් ඇත.

මරකතරුනක් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 04දෙනෙකු සහ කාන්තානක්වන අතර වැල්ලවත්ත ඔහුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගෙන ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බස්රථ රිදුරුද තුවාල ලබා ඇත.

ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *