(කොළඹ, ලංකාපුවත්) –චීනයෙන් පිටත වැඩි වශයෙන් COVID-19 රෝගීන් වාර්තා වූ රට ලෙස දකුණු කොරියාව පත්ව තිබේ. ඉහළම සෞඛ්‍ය අවධානම් නිකුත් කර ඇති දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 763කි.
දකුණු කොරියාවෙන් ඊයේ දිනයේ නව COVID-19 ආසාදිතයින් 161 දෙනෙකු වාර්තා විය. මේ වන විට එරට වෙළෙඳපොළ සහ කඩසාප්පු රැසක් දුමායනය කරමින් පවති.
ජපාන නෞකාවේ සිටින දකුණු කොරියා ජනතාව ඉවත් කර ගැනීම සඳහා එරට ජනාධිපති නිල ගුවන්යානය යොදවා ඇති බව සඳහන්වේ. එම නෞකාවේ දකුණු කොරියා මගීන් 09 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 05 දෙනෙකු රැඳී සිටි.
යුරෝපයෙන් වාර්තා වූ ඉහළම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන් හමුවිය. එම සංඛ්‍යාව 152 කි. එරට පුද්ගලයන් තුන්දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති බව වාර්තාවේ. වෛරසය හේතුවෙන් පාසල් රැසක් වසා දැමීමටද පියවර ගැනුණි. වැනීසියේ සැණකෙලි කිහිපයක් ද නවත්වා තිබේ.
ඉරානයේ ඊයේ දිනයේ නව වෛරස අසාදිතයින් 15 දෙනෙකු සොයා ගැනුණි.