ට්‍රම්ප් ඉන්දියාවට ළගා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ඉන්දීය නිල සංචාරය අරඹමින්, මීට සුළු වේලාවකට පෙර ඉන්දියාවට ළගා විය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පෞද්ගලිකවම අමෙරිකා ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයකි. අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ඉන්දියාවට ළගා විය.

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිසක් ඊට එක්ව සිටියි. අමෙරිකානු ජනාධිපතිවරයා ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නමස්තේ ට්‍රම්ප් නමින් සංවිධාන කෙරෙන විශාලතම රැළියක් ඇමතීමට නියමිත බව සදහන් වේ.

මේ වන විටත් විශාල වශයෙන් ජනතාව එම ක්‍රීඩංගණයට එක්රොක් වෙමින් සිටින බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපතිවරයා අග්‍රා හා නවදිල්ලි නගරවල ද සංචාරය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 11 =