මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් නිවේදනය කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

මහතීර් මොහොමඩ්ගේ පක්ෂය, ඔහුගෙන් පසුව නායකත්වයට පත්වීමට නියමිත වූ අන්වර් ඊබ්‍රාහිම්ගෙන් තොරව නව රජයක් පිහිටුවීමට සූදානම්වන බවට වාර්තාවන පසුබිමකදී ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්විය.

අග්‍රාමාත්‍යවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජු වෙත භාරදී තිබේ.

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වාර්තා අතරට එක්ව සිටියේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 95කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *