රථවාහන තදබදය අවම කිරීමට පොලිසියේ සහායට යුද හමුදාව

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

ඒ අනුව රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට සේවයට එක් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම වැඩපිලිවල අද සිට ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරුවේ සහ පස්වරුවේ ඇතිවන මාර්ග තදබදය අවම කරලීමේ අරමුණින් රථ වාහන පොලිසියේ සහය සඳහා යුද හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරින් අනියුක්ත කරන බවයි.

ඒ අනුව වැඩි වශයෙන් මාර්ග තදබදය පවතින කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7.00 සිට 10.00 දක්වා ද, සවස 4.00 සිට 7.00 දක්වා යුද හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන හැසිරවීමේ රාජකාරියට එක්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *