දකුණු කොරියා හමුදා සාමාජිකයන් තුනකට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ හමුදා සාමාජිකයන් තිදෙනකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද, ගුවන් සහ නාවික හමුදා සාමාජිකයන් තිදෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

ඔවුන් තිදෙනාම දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් බහුලව වාර්තා වූ ඩේගු ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ වනවිට දකුණූ කොරියාවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෛනිකව ඉහළ යමින් පවතින අතර මේ වනවිට ආසාදිතයන් 156 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *