ඇමති දිනේෂ් ගුණවර්ධන ජිනීවා යයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර බලා අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් 06 දෙනෙකු ද එක් වී සිටි බව වාර්තා වේ. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වීම සඳහාය.

මෙම පිරිස අද දින අලුයම 2.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිළ මට්ටමේ සාකච්ඡා කිහිපයක් සඳහා විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භවීමට දින කිහිපයකට පෙර ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බවය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිත අතර 30-1 සහ 40-1 යෝජනාවලින් ඉවත්වීමට රජය ගත් තීරණය ඔහු එහිදී කවුන්සිලයට නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *