ඉඩමක අවශ්‍යතාව ඇති අයට පමණක් ඉඩම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –ඉඩමක අවශ්‍යතාව ඇති අයට පමණක් ඉඩම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ(24) පැවති ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල පදිංචි 2,500කට මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරිණ. ඔවුන් ඉඩම් ඔප්පුවක් නොමැතිවීම නිසා විවිධාකාර ගැටලුවලට මුහුණ පෑ අයවේ. කඩුවෙල මහ නගර සභාවට, ලංකා විදුලිබල මණ්ඩලයට නව ව්‍යවසායකයින්ට ද මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරිණ.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉඩම් වෙන් කළත්, ඔවුන්ට ඉඩම් නොලැබෙන අවස්ථාද දැකිය හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා….

“අවුරුදු ගණනාවක් පදිංචි වෙලා හිටියත්, ඔප්පුවක් නැතිකම නිසා වෙලා තියෙන ප්‍රශ්න අනන්ත, අප්‍රමාණයි. සමහර වෙලාවට සුසාන භූමියකට ඉඩම් කෑල්ලක් ඉල්ලගන්න ගියත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඉඩම්වලට යම්-යම් වන්දි ගෙවන ඒවා, කෝටි ගණනක් වන්දි උසාවියේ හිරවෙලා තියෙනවා. එවැනි ප්‍රශ්න ගොඩගැහිච්ච ආයතනයක් මේක. කෝටි ගණනක් උසාවියේ හිරවෙලා තියෙනවා, කෝටි 127ක් විතර. මේවා අපරාදේ ප්‍ර යෝජනයක් ගන්නේ නැතුව අධිකරණයේ හිරවෙලා තියෙනවා. යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ මේවා පිළිබඳව කටයුතු කරන්න. අද මම සන්තෝෂ වෙනවා, අද ඔබේ අයිතිය ලබාදෙන්න පුලුවන් වීම ගැන“ යැයි අගමැතිතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *