කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කළු ගඟේ ජලයට මුහුදු ජලය එක්වීම නිසා ලවණ මිශ්‍ර වී ජලය ලැබුණු ජනතාවට ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ ජල පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන ලෙස තමන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට යෝජනා කළ බව ද රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් 215,525 ක් පමණ අසීරුතාවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *