කොරෝනා වෛරසය ලතින් අමෙරිකාවටත්

(කොළඹ, ලංකාපුවත්) –ලතින් අමෙරිකානු රටකින් කොවිඩ් වෛරසය ආසාධිතයෙකු හමුවූ පළමු රට බවට බ්‍රසීලය පත්ව තිබේ.කොවිඩ් වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ ගණන 2700 ඉක්මවා ගොස් ඇත.

මේ අතර ජපානය තුළ කොරෝනා ආසාදිතයින් ගණන 861 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 4 ක් ලෙස වාර්තා වේ.

දකුණු කොරියාවෙන් අසාදිතයන් 1000ක් වාර්තා වන අතර හොංකොං රාජ්‍යෙයන් වාර්තා වන ආසාධිතයන් ගණන 85කි.

අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ අමරිකාව පුරා කොරෝනා වෛරසය ශ්‍රීඝ්‍රෙයන් පැතිර යනු ඇති බවයි. මේ අතර කොරෝනා වෛසරයට පෙර සූදානමක් වශයෙන් සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − three =