රථවාහන හැසිරවීමට ගුවන් සහ නාවික හමුදාවත් එක් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවද එක් කිරීමට තීරණය කර තිබේ.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

මේ වනවිට රථ වාහන හැසිරවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 150 ටක ආසන්න පිරිසක් යොදවා ඇත.

ඒ අනුව පෑලියගොඩ, වැල්ලවත්ත, පාර්ලිමේන්තුව අවට මාර්ග, නුගේගොඩ අවට මාර්ග ඇතුළු මාර්ග රැසක යුද හමුදා නිලධාරීන් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − three =