ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වේ.

1981 වසරේ සිට 2011 වසර තෙක් ඔහු එරට 4 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. අසනීප තත්ත්වයක් හේතුවෙන් හොස්නි මුබාරක් මිය යන විට 91 වන වියේ පසුවිය.

මැදපෙරදිග කලාපය පුරා පැතිර ගිය මහජන විප්ලවය හේතුවෙන් 2011 වසරේ දී ඔහු බලයෙන් පහ කෙරුණි. අනතුරුව පැවැති නඩු විභාගයකින් පසු හොස්නි මුබාරක් සිරගත කෙරුණි.

කෙසේ නමුත් පසු 2017 වසරේ ඔහුට නිදහස හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *