විදේශ ඇමති ජිනීවා මානව හිමිකම් සමුළුව අමතයි

(කොළඹ, ලංකාපුවත්) –විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා ජගත් මානව හිමිකම් සමුළුව අද(26) අමතනු ලැබුවේය.

30/1 ඇතුළු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි කරන පසුගිය රජය සමඅනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ගත් තීන්දුව, මානව හිමිකම් සමුළුවට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දන්වා සිටියේය.

මානව හිමිකම් සුරැකීමට ශ්‍රී ලංකා රජය උපරිමයෙන් කැපවී ඇති බවත් තවදුරටත් කැපවන බවත් දන්වා සිටි විදේශ අමාත්‍යවරයා ගෝලීය දේශපාලනයේ චෙස් බෝඩ් එකක් බවට ශ්‍රී ලංකාව පත් කර නොගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය බැදී සිටින්නේ මෙරට ජනතාවට ලබාදුන් සංහිදියා වගවීම හා මානවහිමිකම් ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේය. ඔහු කතාව අවසන් කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා යන බුදු වදනින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *