දේශපාලන පළිගැනීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කාලය දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන පළිගැනීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සදහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි භාර ගැනීමේ කාලය දීර්ඝ කර ඇත.

2015.01.08 සිට 2019.11.16 දක්වා කාල සීමාව තුළ සිදුව ඇති දේශපාලන පළි ගැනීම් පිළිබඳ පරික්‍ෂා කර බලා තොරතුරු ලබා ගැනීම සදහා මෙම කොමිසම පත් කර තිබුනි. එහි පැමිණිලි බාර ගැනීමේ කාල සීමාව පෙබරවාරි මස 20වන දිනට අවසන් වීමට නියමිතව තිබුනි.

ඒ අනුව මාර්තු මස 06වනදා දක්වා එහි පැමිණිලි භාර ගැනීමේ කාලය දීර්ඝ කළ බව ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් වී. බී. පර්ල් කේ. වීරසිංහ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *