ධීවර යාත්‍රාවලට කෙටි පණිවුඩ සේවයක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා ධීවර යාත්‍රා සඳහා කාලගුණික දත්ත ඇතුළු හදිසි අනතුරු ඇගවීම් පිළිබඳ දැනුම් දීමේ කෙටි පණිවුඩ සේවාවක් අද(28) ආරම්භ කෙරුණි. ඒ ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

දැනට මෙරට මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන කුඩා යාත්‍රා සංඛ්‍යාව 25,000 කට අධිකය.

එහෙත් එම ධීවරයින්ට මෙතෙක් විධිමත් පරිදි හදිසි තොරතුරු දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීය.

ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කෙටි පණිවුඩ සේවාව මගින් හදිසි කාලගුණ වෙනස්වීම්, ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 11 =