නුවරඑළියේ ගව ඝාතනය තහනම් කිරීමට තිරණය කර නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑලිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ගත් තිරණයක් මත දිස්ත්‍රික්කයේ සියළු ගව මස් අලෙවිසල් ඊයේ (27) දින සිට වසා ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළද 2020 පෙබරවාරි මස 14 වැනි දින පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දි එවැනි කිසිදු තිරණයක් නොගත් බව දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ගවයන්ට මුඛ හා කුර රෝගය ඇති බවට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට පැමිණි පශු වෛද්‍ය නිලධාරින්, කිරි ගොවියන් හා කිරි ගොවිපලවල් භාරකරුවන් විසින් දැනුම් දීමත් සමග ඒ පිළිබඳව දිර්ඝව සාකච්ඡාවට බදුන් කල බවයි.

ශ්‍රි ලංකාවේ දියර කිරි නිෂ්පාදනයෙන් වැඩි දායකත්වයක් දක්වන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ප්‍රධාන සත්ව ගොවිපලවල් කිහිපයක් පිහිටා ඇති අතර එහි දේශීය හා විදේශීය ගව සත්ව වර්ග සිටියි. මෙම සත්ව ගෙවිපලවල් හා අනෙකුත් ගව ගාල් වලට කිසිදු අයුරකින් රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදි සත්ව ප්‍රවාහන බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමිමටත්, රෝගය ඇතැයි සඳහන් වු ප්‍රදේශවලින් ගොම පොහොර ප්‍රවහානය පාලනය කිරීමටත් තිරණය වු බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලා.

කමිටු තිරණය අනුව සත්ව ප්‍රවාහන බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමිමට කටයුතු කරණ ලෙස අදාල රාජ්‍ය නිලධාරින්ට ලිඛිතව දැනුම සිදුකල බව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *