ලොකු ළූණු සදහා රු. 80ක අවම සහතික මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ලොකු ළූණු තිලෝවක් සඳහා දැනට පවතින අවම සහතික මිල වන්නේ රුපියල් 60ක් වන අතර එම මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ දැනට පවතින රුපියල් 60ක් වු අවම සහතික මිල ඒ අනුව රුපියල් 20කින් ඉහළ දමා ඇති බවය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් ලෙස මෙය දියත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ ඔස්සේ ලොකු ළූණු ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × one =