ව්‍යාජ ලෙස සකස්කළ හැඳුනුම්පතක් භාවිත කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පතක් සැබෑ හැඳුනුම්පත ලෙස භාවිත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට කැඳවු පුද්ගලයෙකු ඉදිරිපත් කළ හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු දෙවිනුවර, ගලේහේන පාර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකු වන අතර අද (28) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මේ පිළිබඳ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *