සමාජජාල මාධ්‍යවල හුවමාරුවන වීඩියෝවක් ගැන තොරතුරු ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

මේ දිනවල සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන හා දැඩි කතාබහට ලක්වී ඇති, වයස අවුරුදු 6ක් පමණ වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය හා සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැරිය හඳුනා ගත් යම් අයෙක් සිටී නම්, ඒ පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරනු ලැබේ.

එසේ නොමැති නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ හෝ 1929 ළමා උපකාරක දුරකථන අංකයට හැකි ඉක්මණින් දැනුම් දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *