ඉරාන උප ජනාධිපතිවරියට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයේ උප ජනාධිපතිවරිය වන මසූමේ එබ්ටෙකාර් (Masoumeh Ebtekar) හට නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වේ. කෙසේ නමුත් ඇයව මේ දක්වා රෝහල් ගත කර නොමැති බව සදහන් වේ.

මැදපෙරදිග කලාපයේ පුද්ගලයින් 264 දෙනෙකු මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇත.

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් සියලූ මහද්වීප වෙත ව්‍යාප්ත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *