සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගනයේ පසුගිය බදාදා (26) පැවති තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

මෙම සිදුවීම ක්‍රීඩා අමාත්‍යවරයා දැඩිව හෙළා දැක තිබේ.

අදාළ සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් සිදුකර කරුණු සොයා වහාම තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසට ද ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඩලස් අලහප්පෙරුම මහතා නියෝග කර ඇත.

මෙම කණගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *