(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය නිල වශයෙන් තහවුරු කරමින්, ඔවුන්ගේ වෘත්තීය කටයුතු පහසු කරලීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මේවසර වෙනුවෙන් හැදුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙමින් පවති.
අයදුම්පත් 2000කට අධික සංඛ්‍යාවක් මේවන විට ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. එම හැදුනුම්පත් ප්‍රමාණයෙන් සියයට 50ක් ඉක්මවූ ප්‍රමාණයක් හැදුනුම්පත් මේවන විට අදාළ ජනමාධ්‍යවේදීන් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එසේම මේ වසරේ සිට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ තොරතුරු ඇතුලත්ව ජනමාධ්‍ය හැදුනුම්පත නිකුත් කිරීමද විශේෂත්වයකි.
මේවන විට ලැබී ඇති අයදුම්පත් වෙනුවෙන් මාර්තු 31 දිනවන විට හැදුනුම්පත් නිකුත් කර අවසන් කිරීමට නියමිතය. එසේම 2019 වසර සදහා නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත 2020 මාර්තු 31වනදා දක්වා වලංගු කාලය ගැසට් නිවේදනයක් මගින් දීර්ඝ කර ඇත.