රු. කෝටි 10 ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කැලණිය වනවාසල ප්‍රදේශයේ රුපියල් කෝටි 10ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 10.3ක් සමඟ පුද්ගලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බලකාය පැවසුවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද (02) පෙරවරුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

සැකකරු වනවාසල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය වෙත භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =