2020 සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමෙරිකානු ඩොලර් මිලියන 122ක සෘජු විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීම අරමුණවේ.

වත්මන් රජය පත්වීමෙන් පසු රුපියල් මිලියන හැටහය දහස් දෙසීය පනහක අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කිහිපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත්ව තිබේ. එය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 370කි. කාමර 550ක් හා විලා 400ක් මේ යටතේ ඉදි කිරීමට නියමිතය.

එම ව්‍යාපෘති සඳහා අදාළ අනුමැතිය ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් වන්නේ, සංචාරක කර්මාන්තයයි. එම ක්ෂේත්‍රයේ අයෝජනවලට රජයට වැඩි අවධානයක් යොමු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 2 =