ඊශ්‍රායල මහ මැතිවරණයෙන් නෙතන්යාහුට ජය

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජයග්‍රහණය කර තිබේ.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙනී ගාන්ට්ස් පරාජය කරමින් නෙතන්යාහු ජයග්‍රහණය ලබා ගෙන ඇත. ඔහුගේ පක්ෂය ආසන 37ක් ලබා ගෙන ඇති බව සදහන්වේ. ප්‍රතිවාදී නිල් සහ සුදු සන්ධානය ලබා ගත්තේ ආසන 34ක සංඛ්‍යාවකි.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ආසන 120න් බහුතරය ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබී නොමැත. වසරක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වූ තෙවන මැතිවරණය මෙයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *