පොලිසියේ 03කට උසස් වීම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී ඇත.

2019.07.15 වන දින සිට ඒ අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරනු ලැබේ.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ , සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ මහතා පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

එසේම 2018.07.10 වන දින ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *