වැසි රහිත කාලගුණයක් අද දවසේත්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් අද(03) දවසේත් පවතින බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණු පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා ඉහළ යාහැකිය.

මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *