තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11වැනිදා ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – INNOTECH 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මෙම මස 11-14 දක්වා හෝමාගම පිට්පන අක්කර තුන්සීයක විශාල භූමියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාර්ගෝපදේශකත්වයයෙන් පැවැත්වෙන මෙම ජාතික ප්‍රදර්ශනය සඳහා විශ්වවිද්‍යාල දහසයක්, පාසල් එකසිය තිහක්, තාක්ෂණ ආයතන දහසයක් එක්ව සිටියි.

උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ මුල් දිනය වු මෙම 11 වැනි දා පෙරවරු 9.00ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − ten =