ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව හා අමෙරිකා යුධ හමුදාව අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භවිය.

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී වාර්ෂිකව පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මෙන්ම 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය සහ විශේෂ යාත්‍රා බලඝනය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 35 දෙනෙකු සහභාගී වේ.

සති හතරක පුහුණු කාලය තුළදී මානව හිමිකම්, භූමි යුධ නීතිය, උපායශීලී සටන් අණතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, නීති විරෝධි මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තීරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම යන විෂය හා මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීම සහ ප්‍රායෝගික පුහුණුවීම් වල නිරත වන අතර, එමගින් එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමද එහි අරමුණු ලෙස හැදින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *