කොරෝනා හේතුවෙන් ඉරානයේ සිරකරුවන් 54,000කට නිදහස

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 54,000ක් නිදහස් කර තිබේ. ඒ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහාය.

සිරකරුවන් තාවකාලික පදනම මත නිදහස් කෙරුණු බව එරට අධිකරණය සදහන් කළේය. නිදහස ලබන රැඳවියන් කොවිඩ් 19 පරීක්ෂාවට ලක් කෙරේ. ඉන් වෛරසය ආසාදනය වී නොමැති රැඳවියන් පමණක් ඇප ලබා දීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තාවේ.

වසර 5කට වැඩි කාලයක් දඩුවම නියම වූ හා බරපතල වැරදි සම්බන්ධයෙන් සිරගත වී ඇති සිරකරුවන්ට මේ අවස්ථාව හිමි නොවේ. සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බොහෝ රටවල් ප්‍රසාදය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *