(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සදහා හෙට(05) උදෑසන සිට විවෘත කර ඇත.
ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකි බව සදහන් වේ. ඒ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර , එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට සිට විවෘත කෙරෙනු ඇත.