නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි දැනුම් දීමට වෙබ් අඩවියක්

(කොළඹ, ලංකාපුවත්) – නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි දැනුම් දීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පැමිණිලි යොමුකළ හැකිය.

පොලිස්ථානයක් වෙත යාමෙන් තොරව අන්තර් ජාලයෙන් පැමිණිල්ල යොමු කිරිමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයවේ.

ශ්‍රී ලංකා පොලීසිය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *