උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය අද සලකා බැලේ

(කොළඹ, ලංකාපුවත්) – උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ පත්වීම් ලාභී උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද(05) සලකා බලනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක තොරතුරු සහ ජනමාධ්‍ය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(05)පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උපාධිධාරී 45585 දෙනෙකු සඳහා මාර්තු පළමුවෙනි දින වන විට අභ්‍යාස ලාභීන් ලෙස රජයේ පත්වීම් ලබාදී තිබුණු අතර එම පත්වීම් ලිපි මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර පෙබරවාරි 27,28,29,සහ මාර්තු 01 දිනයන්හිදී ජනාධිපති ලේකම් කාර්යාල විසින් තැපැල් කර ඇති බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,ජනාධිපතිවරණයේදී වූ පොරොන්දුවක් පරිදි මෙම පත්වීම් ලිපි අදාල උපාධිධාරීන් වෙත යොමුකළ බවත් එම පත්වීම් කිසිවිටෙක ඉදිරි මැතිවරණය සඳහා බලනොපාන බවත් අමාත්‍යවරයා වැඩිදුත් පැවසීය.

‘සේවා වියුක්තික උපාධිධාරීන් සඳහා මේ පත්වීම් ලබා දුන්නේ දේශපාලන පක්ෂ පාට,භේද නොසලකායි. දේශපාලන ව්‍යාපෘතියක් නොවන මේ පත්වීම් ඓතිහාසිකයි.මේ පත්වීම් ජනවාරි මාසයේදී ලබා දෙන්නට සිටියත් එහි මූලික අදියරයන්ගේ ඇතිවූ යම් යම් තාක්ෂණික දෝෂ නිසා තරමක් පමා වුණා.නමුත් ඒ පත්වීම් ලබා දී ඇත්තේ පාර්ගිමේන්තුව විසුරුවා හරින්නට පෙරයි.

මේ පත්වීම් ලාභින්ට මාර්තු මස 01දායින් ඇරැඹෙන පුහුණු කාල පරිච්ඡේදය වෙනුවෙන් රුපියල් 20,000ක ගෙවීමක් සිදු කරනවා.මැතිවරණ කොමිසමේන් සාධාරණ විසඳුමක් මේ ගැන ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.එහි විද්වතුන් මේ ගැන ගැඹුරින් කල්පනා කර සතුටුදායක විසඳුමක් ලබා දෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.
යම් උපාධිධාරියකු මේ සදහා ඉල්ලුම් කර පත්වීම් නොලැබීම හෝ ඒ පිළිබඳ යම් ගැටලු පැනනැගී ඇත්නම් අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අභීයාචනයක් භාර දීමහ හැකි බවද ඇමැතිවරයා අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *