මීළඟ බිම්ස්ටෙක් සමුළුව සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) –බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත් වීමට නියමිතය.

රාජ්‍ය නායක සමුළුව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අතර බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු 01-03 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එහිදී බිමස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළැඹිණි.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලක් වන අතර මෙම සමුළුවේ ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි.

2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *