සිබිල් වෙත්තසිංහ ගිනස් වාර්තා පොතට

(කොළඹ, ලංකාපුවත්) – දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන ‘කලා කීර්ති‘ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්වී තිබේ.

දිවයින් පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “වොන්ඩර් ක්‍රිස්ටල්” හෙවත් “පුදුම පළිඟුව” ළමා කෘතිය ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණි.

ඇය විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීම මෙම කෘතියේ විශේෂත්වයවේ. ඒ අනුව එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනිස් වාර්තා අතරට එක්ව තිබේ.

දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මානශිලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවිම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් ඇය විසින් රචිත කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු විය. ළමයින්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක ලබාදීම මෙම කෘතිය රචනා කිරීමේ මුලික අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *