සෙවණගල සීනි සමාගම අපේක්ෂිත ඉලක්කය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – සෙවණගල සීනි සමාගමේ 2020 පළමු උක් වාරයේ අස්වැන්න අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000කි.

ජනවාරි 17 ආරම්භ වූ පළමු උක් ඇඹරුම් වාරයේ අප්‍රේල් 5 වැනිදායින් අවසන් වීමට නියමිතය. උක් ගස් මෙට්‍රික්ටොන් දෙලක්ෂ තිස් හතර දහසක් අඹරා සීනි මෙට්‍රික්ටොන් 16,000ක් නිෂ්පාදනය මෙවර ඉලක්කය වී තිබිණ. නව උක් ප්‍රභේද හඳුන්වා දීම, නිර්දේශිත පොහොර ක්‍රමානුකූලව භාවිත කිරීම, ඇඹරුම් යන්ත්‍රවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම යන කරුණු හේතුවෙන් අපේක්ෂිත ඉලක්කය කෙටි කාලයක් ඇතුළත සපුරා ගත හැකිවූ බව, සෙවණගල සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා පැවසීය.

කොන්ත්‍රාත් හා අනියම් සේවක පදනම යටතේ සිටි සේවයක්ට ස්ථීර පත්වීම් ලබාදීම තුළින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ද ඉහළ ගොස් තිබේ. ප්‍රථම උක් ඇඹරුම් වාරය අවසානයේ එක් සේවකයෙකුට රුපියල් 75,000 බැගින් බෝනස් මුදලක් ලබාදීමට ද සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *