අද සහ හෙට කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – අද (06) සහ හෙට (07) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ ප.ව.2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව සදහන් වේ.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *