දුම්රිය වර්ජනය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට අද පැය 24ක් දුම්රිය එන්ජින් රියදුරන් සේවයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරමට දුම්රිය රියදුරන් සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඊයේ (05) මාධ්‍යයේ පළවීමත් සමඟ එම ප්‍රකාශයට විරෝධතාව පළ කිරීමක් ලෙස දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වීමට තීරය කර තිබුණි.

විජේරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසු එම තීරණය අත්හිටුවා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කළේය.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කරවීමටත් දුම්රිය සේවය ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමටත් ඉදිරි සතියේ අවස්ථාවක් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 16 =