ලොව පුරා කොරෝනා මරණ 3200 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් 94,000 කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3200 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ වුණු නව කොරෝනා වෛරසය අද වනවිට අමෙරිකාව, එංගලන්තය , ප්‍රංශය , ඉතාලිය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී ඇත.

නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 148 දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 තුළදී තවත් මරණ 41ක් වාර්තාවී ඇතැයි ද සදහන් වේ.

සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන දකුණු කොරියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 6000 ක් පමණ හමුවී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 40කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *