හිටපු ඇමති රවී ඇතුළු 12 දෙනා සම්බන්ධ තීන්දුව අද

(කොළඹ, ලංකාපුවත්) –ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එම නීති කෘත්‍ය අද යළි කැඳවීමට නියමිතව ඇත.

බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 12 දෙනාට අදාළව ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණ වී ඇති බැවින් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තින්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *