කොරෝනා ගෝලීය වංසගත තත්වයකට පත්වීම ආසන්නයි – WHO

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස් තත්ත්වය ගෝලීය වසංගත තත්වයක් බවට පත්වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. මෙය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බව, එම සංවිධානය පෙන්වා දී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන්ට සිදු වූ බලපෑම සහ බොහෝ කරුණු රැසක් හේතු කොට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ. වෛරසය පැතිරීම පාලනය කිරීමේ හැකියාවක් තමවත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගෝලීය වසංගත තත්වයක් උණ රෝගයකට ප්‍රකාශයට පත් කරන්නේ එය පාලනය කළ නොහැකි තත්වයකට පැමිණි විටදී බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රස් ඇඩනම් ඊයේ සදහන් කළේය. වසංගත තත්වයකට ඉතා ආසන්න වුවත් මෙම සටනින් ජය ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *