සතියකට කුවේට්ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම කුවේට් රටේ වලංගු නේවාසික හෝ පෙර පිවිසුම් වීසා බලපත්‍රයක් හිමි ඕනෑම ජාතිකයෙකුට, එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ ඉහත සඳහන් රට වල රැදී සිට වෙනත් ගුවන්තොටුපලක් මඟින් කුවේට් රාජ්‍යයට පැමිණීම තහනම් කර තිබේ.

එසේම ඉහත රට වල සිට පැමිණෙන කුවේට් ජාතිකයන් හට අවශ්‍ය කරනු ලබන නිරෝධායන ක්‍රමවේදය සලසා ඇති අතර ඔවුන් හට රට තුළට ඇතුළුවීමට අවසර ඇති බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *