කුරුණෑගල දිස්ත්‍රික්කයේ අබලන් මාර්ග සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල, පොල්පිතිගම, කුරුණෑගල, යාපහුව යන ආසනවල රුපියල් මිලියන 340ක වියදමින් අබලන් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරිම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රටේ ආර්ථීකයට සහ ජන ජීවිතයේ අභිවෘද්ධියට සෘජුව බලපාන මාර්ග කිලෝ මීටර ලක්ෂයක් සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය සිදු කෙරේ.

මෙහිදී පැමිණි ජනතාව ඇමතූ විෂය භාර අමාත්‍යවරයා . . .

“පසුගිය ජනධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ කැප කිරිමක් කල ජනතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටිනවා. එම ජනතාවගේ දෛනික කාර්යන් සාර්ථක කර ගැනීම සදහා මෙම අබලන් මාර්ග සියල්ල කාපට් අතුරා සංවර්ධනය කිරිමට කටයුතු කරනවා. මාර්ග කිලෝ මීටර් ලක්ෂය සංවර්ධන කිරීමේ වැඩසටහන තුලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති මාර්ග පද්ධතියෙන් ‘දුෂ්කර මාර්ග‘ යන නාමය ඉවත් කිරිමට කටයුතු කරනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *