කොරෝනා මරණ සංඛ්‍යාව 4027ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයන් එක් ලක්ෂ දාහතරදහස් හාරසිය විසි දෙදෙනෙකු වාර්තා වේ. මරණ සංඛ්‍යාව 4027 කි. හැටහතර දහස් අසූහත් දෙනෙකු සුවය ලබා තිබේ.

වෛරසය රටවල් 115කට ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි. එසේ වුවද එම සංවිධානයේ ප්‍රධානීන් පවසන්නේ මෙය ඉතිහාසයේ පාලනය කළ පළමු වෛරසය මෙය විය හැකි බවයි.

චීනය තුළ මේ වන විට ආසාදිතයින් අසූදහස් හත්සිය පනස් හතර දෙනෙකු වාර්තා වන විට මිය ගිය සංඛ්‍යාව 3136 ක් ලෙස සටහන් වේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සංචාරයකට චීන ජනාධිපති ෂී ජින් පින් අද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *