ජාතික යොවුන් සේනාංකයෙන් නායකත්ව කුසලතා පුහුණු වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවනු ලබන දහතුන් වසරක අඛණ්ඩ සිසු අධ්‍යාපන වැඩසටහනට සමගාමීව පාසල් සිසු දරු දැරියන්ගේ පෞරුෂ සංවර්ධනය සහ නායකත්ව අභිවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නංවනු ලබන වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය කේන‍ද්‍ර කර ගනිමින් ක්‍රියාවට නැංවේ.

මහනුවර අධ්‍යාපන කලාපයට අයත්ව තෝරා ගනු ලැබූ පාසල් හි 12, 13 වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 2900ක් ඉලක්ක කර ගනිමින් ඔවුන් සදහා පෞරුෂ සංවර්ධනය හා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

පසුගිය පෙබරවාරි 24 වන දා ඇරඹි මෙම වැඩසටහන ලබන 12 වන දා දක්වා පැවැත්වේ.

මේ සදහා සම්පත් දායකත්වය දක්වනු ලබන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකයයි. ජාතික යොවුන් සේනාංකය පෞරුෂ සංවර්ධනය, නායකත්වය හා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දෙනු ලබන ප්‍රමුඛ පෙළේ යෞවන පුහුණු රාජ්‍ය ආයතනය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *