මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනු ලැබේ.

තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16 වැනිදායින් පසුව බාර නොගන්නා බව එම කොමිසම පැවසීය.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින පිළිබඳව ද අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *