කොරෝනා ආසාධිත ලාංකිකයන් දෙදෙනාට ප‍්‍රතිකාර කිරීම් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි ගල්ෆ් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව ද සදහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් 15දෙනෙකු සිටින බවත් ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ද වන බව ඊයේ(10) නිවේදනය කෙරුණි.

එසේම සෙසු පිරිස අතර ඉතාලි ජාතිකයින් තුන්දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සහ ඉන්දියානුවන් දෙදෙනෙකුද වන බව සදහන් වේ. ජර්මනු ජාතිකයෙකු, දකුණු අප්‍රිකානුවෙකු, ටැන්සානියානු ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයෙකුද හදුනාගත් ආසාධිතයන් අතර වේ. මෙම පිරිස් දැනටමත් නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම්ද සිදු කරන බව ගල්ෆ් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත්තේ මේවන විට එරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *