ජ’පුරේ සිද්ධියට අදාළව සිසුන් 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පළමු වසරේ සිසුවෙකු අනතුරක් ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනකු බව පොලීසිය පැවසීය.

ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර පසිඳු හිරුෂාන් සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. රෝහල් ප්‍රකාශිකාවක සදහන් කර සිටියේ එම සිසුවාමේවන විට යම්තාක් දුරකට සුවය ලැබීමේ මට්ටමක සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =